අඟහරු ග්රහයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීම සඳහා - මාස් සයෙන්ස් ලැබෝටරි - යානය මේ වසරේ නොවැම්බර් අග හෝ දෙසැම්බර් මුල අභ්යවකාශගත කිරීමට නියමිත බව අමෙරිකාවේ නාසා ආයතය පවසයි.
එහි ශ්රී ලාංකික විද්යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතා පැවසුවේ, එහි සියලු වැඩකටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි.
මාස් සයෙන්ස් ලැබෝටරි යානය මේ වන විට අභ්යවකාශගත කිරීම සඳහා කේප් කැනවරල් තුඩුවේ සූදානමින් තබා ඇති අමෙරිකාවේ නාසා ආයතනයේ සිට නිව්ස්ෆස්ට් වෙත අදහස් දැක්වූ විද්යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතා පැවසීය.
අදාළ යානය මගින් අගහරු ග්රහයාගේ අතීත හා වර්තමාන කාලගුණ තත්ත්වය මෙන්ම එහි ජීවීන් සඳහා සුදුසු පරිසරයක් පවතීද යන්න පිළීබඳව කරුණු රැසක් අනාවරණ කර ගැනීමට නියමිත බව ඔහු පැවසීය.
රාත්තල් දෙදහසක් බර, අඩි 10 ක් දිග, අඩි 7 ක් උස හා පළල අඩි 9ක් වන යානය නිපදවීමට නාසා ආයතනය වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 2කි.
එම යානය, අඟහරු ග්රහයා තුළ වසර 2ක් පර්යේෂණ කටයුතුවල නිරත වනු ඇති.
අනුග්රහය : http://newsfirst.lk/sinhala-news/index.php


No comments:
Post a Comment